by Staff Writer . 10-05-2022 | 7:18 PM
COLOMBO (News 1st) – අර්බුදය විසඳිය හැකි මාර්ගය නිර්මාණය වන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පවසන්නේ, රට පත්වී ඇති අවාසනාවන්ත තත්ත්වයේ සම්පූර්ණ වගකීම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව භාරගත යුතු බවයි.
අගමැති ඉල්ලා අස්වූ බව පවසා ජනතාව මුලා නොකොට ගෝඨාභය රාජපක්ෂ මහතා ද ජන හඬට කන්දිය යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.