ගෝඨාගෝගම ජනතා විරෝධය 32වන දිනටත්..

ගෝඨාගෝගම සාමකාමී විරෝධතා කලාපය 32වන දිනටත්..

by Staff writer 10-05-2022 | 7:01 AM

COLOMBO (News 1st) – ජනාධිපති මන්දිරය ඉදිරිපිට ගෝඨාගෝගම නිර්පාක්ෂික, සාමකාමී විරෝධතා කලාපය තවදුරටත් ක්‍රියාත්මක වේ.

අද(10) ආරම්භ වන්නේ එහි 32 වැනි දිනයයි. ඔවුන් තවදුරටත් අරගලයේ නිරත වෙමින් ඉල්ලා සිටින්නේ, ජනාධිපතිවරයා ද සිය ධූරයෙන් ඉවත් විය යුතු බවයි. ඇඳිරි නීති තත්ත්වය නොතකමින් ඊයේ රාත්‍රිය පුරාත් විශාල ජනතාවක් එම අරගල භූමියට පැමිණ අරගලයට සහය පළ කර තිබිණ. මේ වනවිටත් වෙනදා උදෑසනට වඩා වැඩි පිරිසක් අරගලයට සහය පළ කරමින් එහි රැඳි සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ ය.