ඉන්දියාව මොකද කියන්නේ?

ඉන්දියාව මොකද කියන්නේ?

by Staff Writer . 10-05-2022 | 10:36 PM

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශකවරයා ප්‍රතිචාර දක්වා තිබේ.

එතිහාසික බැඳීමක් ඇති සමීපතම අසල්වැසියා වන ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්ථාවරත්වය හා ආර්ථිකය යථාතත්ත්වයට පත්කිරීම සඳහා ඉන්දියාව පූර්ණ සහය ලබාදෙන බව ඔහු ඊයේ නවදිල්ලි නුවරදී මාධ්‍යයට පවසා තිබිණ. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, අසල්වැසියාට ප්‍රමුඛතාව පදනම මත වත්මන් අසීරුතාවලින් මිදීමට ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3.5 ක් පමණ වටිනා උපකාර ලබාදී ඇති බවයි. මේ අතර අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ පාලක භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායක සුබ්‍රමනියන් ස්වාමි මහතා ට්විටර් පණිවියකින් පළ කර තිබුණේ, මෙවැනි අදහසකි.
''ව්‍යවස්ථාපිත ආරක්ෂාව නැවත තහවුරු කිරීම සඳහා ඉන්දියාව, ඉන්දීය හමුදාව යැවිය යුතුයි.ඉන්දියාවට එරෙහි විදේශීය බලමුළු ජනතාවගේ කෝපය ප්‍රයෝජනයට ගනිමින් සිටිනවා.එය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට බලපෑමක් ''