ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකිනවා - ජනපති

ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකිනවා - ජනපති

by Staff writer 09-05-2022 | 3:11 PM

COLOMBO (News 1st) - දේශපාලන පක්ෂපාතීත්වය නොසලකා උසිගන්වන්නන් හා සහභාගීවන්නන් විසින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, ඔහු කියා සිටියේ ප්‍රචණ්ඩත්වය වර්තමාන ගැටලුවලට විසදුම නොවන බවයි. සංසුන්ව හා සංයමයෙන් කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ,මෙම අර්බුධය විසඳීමට සියලු දෙනා එක්ව කටයුතු කරන ලෙස ද තමා ඉල්ලා සිටින බවයි.