4 වන මාත්‍රාව ලබාදීම අද ඇරඹේ..

කොවිඩ් මර්දන 4 වන මාත්‍රාව ලබාදීම අද ඇරඹේ..

by Staff writer 09-05-2022 | 6:41 AM

COLOMBO (News 1st) – මෙරට ජනතාව සඳහා කොවිඩ් මර්දන 4 වන මාත්‍රාව ලබාදීම අද (09) සිට ආරම්භ වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, තෙවන මාත්‍රාව ලබා මාස තුනක් ගතවූ පුද්ගලයින්ට සිව්වැනි මාත්‍රාව ලබා ගැනීමට අවස්ථාව හිමිවන බවයි.