by Staff Writer . 08-05-2022 | 1:53 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායක රැස්විමක් හෙට ( 09) පැවැත්වේ.
ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 10 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ය.
ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් මෙන්ම ඉදිරි පාර්ලිමේන්තු සතිය පිළිබඳව මෙහිදී සාකච්ජා කිරීමට නියමිතව ඇතැයි කතානායකවරයා සඳහන් කළේ ය.
මේ අතර සමගි ජනබලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාවට පුර්ණ සහය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස පක්ෂය ඇතුළු පක්ෂ 11 කණ්ඩායම ඊයේ (07) තීරණය කළේ ය.
දෙමළ ජාතික සන්ධානය පවසන්නේ ජනාධිපතිවරයාට එරෙහි ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට සහය පළ කිරීමට සිය සන්ධානය තීරණය කර ඇති බවයි.