අගමැති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනී

අගමැති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනී

by Staff Writer . 08-05-2022 | 1:41 PM

COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ‌ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගත්තේ ය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ , රුවන්වැලි සෑ රදුන් අබියසදී ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යවරයා රුවන්වැලි මහ සෑ ච්‍යෛරාමාධිකාරී, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත් බවයි. අනතුරුව මිරිසවැටිය විහාරස්ථානයට ගිය අග්‍රාමාත්‍යවරයා, ච්‍යෛරාමාධිකාරී පූජ්‍ය, ආචාර්ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය. එහි පැමිණ සිටි බැතිමතුන් අග්‍රාමාත්‍යවරයා සමග සුහද කතාබහක ද නිතර වී තිබේ.