by Staff Writer . 07-05-2022 | 7:32 PM
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂය නායක සජිත් ප්‍රේමදාස මහතාට හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් සඳහා සාකච්ඡාවකට ආරාධනා කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යැවූ ලිපියේ සඳහන් වන්නේ, රටේ පවතින අර්බුදවලට ලබාදිය හැකි හොඳම විසඳුමක් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ අතර ප්‍රතිපත්තිමය දේශපාලන එකඟතාවක් ඇති කරගැනීම සඳහා ප්‍රබුද්ධ සාකච්ඡාවක් ඇති කරගැනීම මේ මොහොත් අවශ්‍යතාවක් බවයි.
මෙවැනි පසුබිමක් තුළ සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය මෙතෙක් සිටි ස්ථාවරය වෙනස් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව මත පදනම් වු ජාතික වැඩසටහනකට සහාය ලබාදීමට තීරණය කර තිබේ.