නීතීඥ සංගමයේ යෝජනාවලට සජබ සහය

නීතීඥ සංගමයේ රට හදන යෝජනා මාලාවට සමගි ජන බලවේගයේ සහය

by Staff writer 07-05-2022 | 5:47 PM

COLOMBO (News 1st) - රට තුළ පවතින අර්බුදය විසදීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව මත පදනම් වූ ජාතික වැඩසටහනකට සමගි ජනබලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සහාය ලබා දීමට තීරණය කර තිබේ.

ඒ, ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදී ආර්ථිකය ස්ථාවර කිරීමට ශ්‍රි ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ යෝජනාවලිය සලකා බලමිනි. නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගය පවසන්නේ ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත්වීම ද එම යෝජනාවලියට ඇතුළත් බවයි. එම යෝජනා අතරට ඇතුලත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වැඩපිළිවෙළ, පවතින ජාතික අර්බුදය විසදීම සඳහා වන මූලික අවශ්‍යතාවක් ලෙස සලකන බව ද සමගි ජනබලවේගය නිවේදනය කරයි.