COLOMBO (News 1st) – තාවකාලිකව අත්හිටවා තිබු ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම, සාමාන්‍ය සේවාව යටතේ ලබන සඳුදා (09) සිට යළි ආරම්භ කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත් එක්දින සේවා ක්‍රියාත්මක නොවන අතර හැකි ඉක්මනින් එක් දින සේවය යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා කටයුතු යොදන බව ද එම දෙපාර්තමේනතුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
තව ද මැයි 05,06 හා 09 යන දිනයන් හිදී සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා වේලාවක් වෙන් කර ගත් සහ මැයි 05 දින සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම්පත් භාර දීමට පැමිණ දෙපාර්තමේන්තුවෙන් අංකයක් හෝ මුද්‍රාවක් ලබා ගත් අයදුම්කරුවන්ගේ අයදුම්පත් පමණක් 09 වන සඳුදා දිනයේදී භාර ගැනීමට කටයුතු කරනු ඇති.
මේ අතර මැයි මස 10 වනදා සිට ගමන් බලපත්‍ර අයදුම්පත් භාර දීම සඳහා දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීම අනිවාර්යය වන බවත්
http://www.immigration.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස හෝ 0707101060 යන දුරකථන අංකය ඇමතීමෙන් දිනයක් හා වේලාවක් වෙන් කර ගත හැකි බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් සපයනු ලබන අනෙකුත් සේවා, ප්‍රාදේශීය කාර්යාලවලින් සිදු කරනු ලබන සේවා සහ ගුවන් තොටුපළ ආගමන හා විගමන සේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි.