ගම්මැද්ද විශිෂ්ටතම පුරවැසි සම්මානයෙන් පිදුම් ලබයි

ගම්මැද්ද විශිෂ්ටතම පුරවැසි සම්මානයෙන් පිදුම් ලබයි

by Staff Writer . 07-05-2022 | 10:58 PM

COLOMBO (News 1st) – 306 / ඒ 1 සිංහ සමාජය 2021/ 2022 සම්මාන ප්‍රදානය අද (07) කොළඹදී පැවැත්විය.

306 / ඒ 1 සිංහ සමාජයේ සිංහාධිපති බහිරදන් ඌමාෂංකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සම්මාන උළෙලේදී රටට අමිල සේවක් කළ පුද්ගලයින් සහ ආයතන ඇගයීමට ලක්විය. 306 / ඒ 1 සිංහ සමාජය 2021/ 2022 සම්මාන ප්‍රදානයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූයේ, 2007 - 2008 ජාත්‍යතර සිංහ සමාජයේ හිටපු සභාපති සිංහ මහේන්දු අමරසුරිය මහතායි. මෙහිදී කරුණාභාරයේ නිර්මාතෘ මහින්ද කරුණාරත්න මහතා සම්මානයට ප්‍රාතවිය. වෛද්‍ය ලංකා ජයසුරිය දිසානායක මහත්මියට ද සම්මානයෙන් පුද ලැබුවේ ඉන්දිරා පිළිකාභාරය වෙනුවෙනි. ගායන ශීල්පි කිර්ති පැස්කුවෙල් මහතා ද පිළිකා රෝගය ඇතුළු රටපුරා කළ සමාජ මෙහෙවර වෙනුවෙන් සම්මානයට පාත්‍රවිය. මෙහිදී 306 / ඒ 1 සිංහ සමාජය පිරිනැමූ විශිෂ්ටතම පුරවැසි සම්මානය ගම්මැද්දට හිමිවිය.