අමෙරිකාවෙන් යුක්‍රේනයට ඩොලර් බිලියන ගණනක යුද ආධාර.

අමෙරිකාවෙන් යුක්‍රේනයට ඩොලර් බිලියන ගණනක යුද ආධාර..

by Staff writer 07-05-2022 | 9:07 AM

COLOMBO (News 1st) – යුක්‍රේනයට මේ වනවිට ඩොලර් බිලියන 3.8 ක මිලිටරි ආධාර ලබා දී ඇතැයි, අමෙරිකාව පවසයි.

රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් ඒ බව සඳහන් කළේ, යුක්‍රේනයට නව ඩොලර් මිලියන 150 ක මිලිටරි ආධාර ලබා දෙමින් ය. රුසියානු ආක්‍රමණය ආරම්භයේ සිට මේ දක්වා එම ආධාර ලබා දුන් බව රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. රාජ්‍ය ලේකම්වරයා අතිරේක නිවේදනයකින් සඳහන් කළේ, යුක්‍රේනයට සිය රට සහ පුරවැසියන්ගේ නිදහස ආරක්ෂා කිරීම සඳහා එරට හමුදාවට අඛණ්ඩව ආයුද ලබා දීමට පියවර ගන්නා බවය.