තවත් විදුලි ජනක යන්ත්‍ර 287ක් යුක්‍රේනයට..

බ්‍රිතාන්‍යයෙන් තවත් විදුලි ජනක යන්ත්‍ර 287ක් යුක්‍රේනයට..

by Staff writer 07-05-2022 | 9:34 AM

COLOMBO (News 1st) – යුක්‍රේනයට තවත් ජංගම විදුලි ජනක යන්ත්‍ර 287 ක් ලබා දීමට බ්‍රිතාන්‍ය පියවර ගෙන තිබේ.

මේ අනුව, මේ වනවිට බ්‍රිතාන්‍යයෙන් යුක්‍රේනයට ලබා දී ඇති විදුලි ජනක යන්ත්‍ර සංඛ්‍යාව 600 ක ආසන්නයි. යුක්‍රේනයේ ව්‍යාපාර, බලශක්ති සහ කාර්මික උපාය මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, නව ජනක යන්ත්‍ර නැගෙනහිර යුක්‍රේනයේ රෝහල්, නවාතැන් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සඳහා භාවිතා කිරීමට පියවර ගෙන ඇති බවයි.