සරසවි සිසුන් පෙරමුණ ගත් 'හොරු ගෝ ගම' විරෝධය

සරසවි සිසුන් පෙරමුණ ගත් 'හොරු ගෝ ගම' විරෝධය තවදුරටත්

by Staff Writer . 06-05-2022 | 8:00 AM

COLOMBO (News 1st) –  පාර්ලිමේන්තු පිවිසුම අසල අන්තර් විශ්ව විද්‍යාලයිය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සරසවි සිසුන් ආරම්භ කළ විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක වේ.

ඊයේ (05) රාත්‍රියේ ආරම්භ කළ මෙම විරෝධතා ස්ථානය ඔවුන් නම් කර ඇත්තේ හොරු ගෝ ගම ලෙසයි. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර වි‍රෝධතාවක් පාර්ලිමේන්තු පිවිසුමට ඇතුළු වීමට උත්සාහ දැරීමේදී විසුරුවා හැරීමට ‍පොලීසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමග ඔවුන් ඊ‍යේ (05) පස්වරුවේ පාර්ලිමේන්තු පිවිසුම අසල මෙම විරෝධතාව ආරම්භ කළේ ය. ඊයේ රාත්‍රියේ සිට සරසවි සිසුන් විවිධ සටන් පාඨ කියමින් ජනාධිපතිවරයා අග්‍රමාත්‍යවරයාට හා ආණ්ඩුවට ඉවත් වන්නැයි බල කරමින් විරෝධතා ආරම්භ කර තිබේ.