නීතිඥ සංගමය අධිකරණයෙන් කළ ඉල්ලීම

අරගලවලට අධිකරණ නියෝග ලබා ගැනිමේදි අනෙක් පාර්ශවයන්ගෙන් ද කරුණු විමසන්න.. නීතිඥ සංගමය අධිකරණයෙන් ඉල්ලයි

by Staff Writer . 06-05-2022 | 12:18 PM

 COLOMBO (News 1st) –  අරගල සම්බන්ධව පොලීසිය යම් අධිකරණ නියෝග ලබා ගැනීමට කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධව සෙසු පාර්ශවයන්ගේ ද කරුණු වීමසීමක් කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද ඉල්ලීමක් කළේ ය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඉදිරියේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රමුඛ නීතිඥවරුන් කණ්ඩායමක් අද මෙම ඉල්ලීම ඉදිරිපත් කර සිටියේ ය. පොලිසිය විසින් මෙවැනි නියෝග ඒක පාර්ශ්විකව ලබාගැනීමට කටයුතු කරන ආකාරයක් තමන්ට පෙනී යන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එය වැරදි ක්‍රියාවක් බව මෙහිදී පෙන්වා දුන්නේ ය. අරගලය හා සම්බන්ධව කිසියම් හෝ අධිකරණ නියෝගයක් ලබා ගැනීමට පොලිසිය ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සම්බන්ධව සෙසු පාර්ශ්වයන් ගේ ද කරුණු විමසා තීරණයක් ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා වැඩිදුරටත් මහේස්ත්‍රාත්වරයාගෙන් අද ඉල්ලා සිටියේ ය.