අක්කරෙයිපත්තුවේ පහරදීමකින් පොලීසියේ 10කට තුවාල

අක්කරෙයිපත්තුවේ පහරදීමකින් පොලීසියේ 10කට තුවාල

by Staff Writer . 06-05-2022 | 8:07 AM

 COLOMBO (News 1st) – අක්කරෙයිපත්තුව පාලමු‌නෛයි පොලිස් මාර්ගබාදකය අසල ඇතිවූ සිදුවිමකින් පහරදීමෙන් පොලිස් නිලධාරීන් 10 දෙනෙකු තුවාල ලබා තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ , ඊයේ (05) රාත්‍රී 10 ත් 11 ත් අතර හිස් වැසුම් නොමැතිව යතුරුපැදිකරුවෙකු අණ නොතකා පොලිස් මාර්ග බාධකය හරහා ගමන් කර ඇති බවයි. පසුව ලිස්සා ගොස් එම ස්ථානයේ ඇද වැටී අදාළ පුද්ගලයා තුවාල ලබා ඇති බව පොලීසිය පැවසී ය. එම සිද්ධිය පදනම් කරගෙන එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසින් සහ පොලිසිය අතර ඇති නොසන්සුන්තාවයක් ඇති වී තිබේ. මේ හේතුව නිසා එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තැබීමක් ද සිදුකර තිබේ.. මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළේ ය. එම අවස්ථාවේ දී ප්‍රදේශවාසින් විසින් පොලීසයට පහරදීමක් සිදුකර ඇති අතර ,එම පහර දීමෙන් අක්ක‌රෙයිපත්තුව පොලිස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 10 දෙනෙකු තුවාල ලැබූ බව පොලීසිය පවසයි.