අන්තරේ පාගමනට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්

අන්තරේ පාගමනට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්

by Staff writer 05-05-2022 | 6:41 PM

COLOMBO (News 1st) – අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය ආරම්භ කළ විරෝධතා පාගමන විසුරුවා හැරීම සඳහා අද(05) පස්වරුවේ පොලීසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

ඒ, පොල්දූව මංසන්ධියේදීය. විරෝධතාකරුවන් උත්සාහ කළේ , පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමටයි. ඔවුන් මෙම විරෝධතා පාගමන අද ආරම්භ කරනු ලැබුවේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලිනි. https://youtu.be/VoRnBpAhbPs