රුසියානු දේශපාලනඥයන් 76 කට සම්බාධක

රුසියානු දේශපාලනඥයන් 76 කට ඔස්ට්‍රේලියාවෙන් සම්බාධක

by Staff writer 04-05-2022 | 5:57 PM

COLOMBO (News 1st) - ඔස්ට්‍රේලියාව රුසියානු දේශපාලනඥයන් 76 දෙනෙකුට එරෙහිව සම්බාධක පනවා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යුක්‍රේනයේ ප්‍රදේශවල ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශයන්හි රුසියානු නායකත්වයෙන් යුත් සංවිධානවල නිලධාරීන් 34 දෙනෙකුට ඔස්ට්‍රේලියාව සම්බාධක පනවා ඇති බවයි. මෙම පුද්ගලයින් යුක්‍රේන රජයේ අවසරයකින් තොරව එරට ප්‍රදේශ කෙරෙහි රුසියානු රජයේ අධිකාරිය ප්‍රකාශ කිරීම හරහා යුක්‍රේනයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කර ඇතැයි ඔස්ට්‍රේලියාව පවසයි. ඒ අනුව රුසියානු දේශපාලඥයින් ඇතුළු එම පිරිසට මූල්‍ය සම්බාධක සහ සංචාරක තහනම් පනවා ඇතැයි සඳහන් ය. ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීමට ජනාධිපති ව්ලැදිමීර් පුටිං ගෙන ආ යෝජනවට පක්ෂව ඡන්දය ලබා දුන් රුසියානු දේශපාලඥයින්ට එරෙහිව සම්බාධක පැනවූ බවයි. මෙම සම්බාධක පැනවීමත සමග රුසියාවේ නීති විරෝධී යුක්‍රේන ආක්‍රමණයට ප්‍රතිචාර වශයෙන් ඔස්ට්‍රේලියාව පුද්ගලයන් 812 ක් සහ ආයතන 47 කට මේ වන විට සම්බාධක පනවා අවසන් ය. ඒ අනුව යුක්රේනයේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ යුක්රේනයේ ජනතාව සඳහා නොසැලෙන සහයෝගය ඕස්ට්‍රේලියාව නැවත අවධාරණය කර තිබේ.