by Sagarika Chathumali 04-05-2022 | 6:16 PM
COLOMBO (News 1st) - මොරටුව ,කොරලවැල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට තවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා ඇති බවයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා පානදුර රෝහලට ඇතුළත් කරතිබේ.
ඔහු 27 හැවිරිදි අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.