පාර්ලිමේන්තු අසලදී අත්අඩංගුවට ගත් 13දෙනාට ඇප

පාර්ලිමේන්තු අසලදී අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් 13 දෙනා පුද්ගලික ඇපමත මුදා හරී

by Staff writer 04-05-2022 | 8:59 PM

COLOMBO (News 1st) - මන්ත්‍රි වරප්‍රසාද කඩකලා යැයි කියමින් අද(04) පෙරවරුවේ අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් 13 දෙනා පුද්ගලික ඇප මත මුදා හැර තිබේ.

ඒ, කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවක නිරත වෙමින් සිටියදී තලංගම පොලීසිය විසින් එලෙස අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර තරුණියන් තිදෙනකු ද වේ. ජනාධිපති නිතීඥ සරත් ජයමාන්න , අනුජ ප්‍රේමරත්න සහ කමල් විජේසිරි ඇතුළු නීතිඥවරුන් 200 දෙනෙකු තරුණයින් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් පෙනී සිටියේ ය.