ගාලු මුවදොර අරගල බිමට අදට දින 26යි

ගාලු මුවදොර අරගල බිමට අදට දින 26යි

ගාලු මුවදොර අරගල බිමට අදට දින 26යි

කර්තෘ Staff Writer .

04 May, 2022 | 8:33 am

COLOMBO (News 1st) –  කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන ජනතා අරගලය අද 26 වැනි දිනටත් ක්‍රියාත්මක වේ.

විරෝධතාවයේ නිරත පිරිස අවධාරණය කරන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වහා ඉවත් වී රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය යුතු බවයි.

විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස් ඊයේ රාත්‍රියේත් මෙම අරගලයට සහය පළ කළ අතර උතුරු හා නැගෙනහිර පළාත් නියෝජනය කරමින්, කතෝලික පියතුමන්ලා පිරිසක් ද ඊයේ අරගල භූමියට පැමිණ සහය පළ කළහ.

අරගලයේ ජනතා හඬට ද මෙහිදී ඉඩකඩ ලබාදී තිබිණ.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවට ඉවත්වන්නැයි බලකරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට ආරම්භ කළ මයිනා ගෝ ගම ජනතා විරෝධතාවද තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ ස්ථානයේ පුද්ගලයෙකු මාරාන්තික උපවාසයක ද නිරත වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]