COLOMBO (News 1st) – අරලියගහ මන්දිරය ඉදිරිපිට අරගලයේ නියුතු සාමකාමී අවිහිංසාවාදී ජනතාවට ආරක්ෂක අංශ යොදවා පහරදීමටත්, අරගලයේ නියුතු සාමකාමී ජනතාව පළවා හැරීමටත් සූදානමක් පවතින බවට විශ්වාසදායක ආරංචි ලැබී ඇතැයි, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අනාවරණය කරයි.
Facebook සටහනක් තබමින් ඔහු ඉල්ලා සිටියේ ජනතා පරමාධිපත්‍ය බලය මර්දනයෙන් හා පොලිස් බලයෙන් පරාජය කිරීමට එරෙහි වන ලෙසයි.
අරගලකරුවනි, එක්වන්න. පෙළ ගැහෙන්නැයි ද ඔහු ඉල්ලා සිටී.
''කිසිම අවස්ථාවක සාමකාමි උද්ඝෝෂණකරුවන්ට ඒවගේ කටයුතු කරන්න අපේ බලාපොරෙත්තුවක් නැහැ ''
මේ ඒ සම්බන්ධයෙන් නිව්ස් ෆස්ට් මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් කළ විමසීමේදී ඔහු ලබා දුන් පිළිතුරයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, සාමකාමී උද්ඝෝෂණ සිදු කිරීමට රටේ ජනතාවට ඇති අයිතියට රජය කිසි විටෙක එරෙහි වී නොමැති බවයි.
කෙසේ වෙතත් තවත් අයෙකුට පීඩා වන අකාරයට කටයුත කිරීම අනුමත නොකරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.