වැඩි මිලට සහල් අළෙවි කරන වෙළඳු සොයා වැටලීම්

වැඩි මිලට සහල් අළෙවි කරන වෙළඳු සොයා වැටලීම්

by Staff Writer . 03-05-2022 | 9:07 AM

COLOMBO (News 1st) :  වැඩි මිලට සහල් අළෙවි කරන වෙළඳුන් සොයා අද සිට වැටලීම් සිදු කරන බව, පාරිභෝගක කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එහි සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා සඳහන් කළේ, කූඨ වෙළෙඳුන්ට එරෙහිව නඩු පවරන බවයි. දේශීය සහල් වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ඊයේ රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණ. ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනිනි. ඒ අනුව, දේශීය සුදු සහ රතු නාඩු කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 220 ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ. නව ගැසට් නිවේදනයට සුදු සහ රතු සම්බා සහල් කිලෝග්‍රැමයක උපරිම සිල්ලර මිල, රුපියල් 230කි. දේශිය කීරි සම්බා කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 260 ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.