ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය අදයි

ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය අදයි

by Staff Writer . 03-05-2022 | 11:14 AM

COLOMBO (News 1st) – 'ඩිජිටල් බලපෑම හමුවේ පුවත්පත් කලාව' යන්න තේමා කරගමින් ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය අද සැමරෙයි.

1991 වර්ෂයේදී යුනෙස්කෝ සංවිධානය මුල් වරට ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය පිළිබඳව යෝජනා ඉදිරිපත් කර තිබිණ. 1993 වසරේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය ලෙස මැයි මස 03වැනි දින නිල වශයෙන් ප්‍රකාශයට පත්කළේ ය. විශ්ව මානව හිමිකම් ප්‍රකාශනයේ 19 වෙන වගන්තියට අනුව මිනිසාට තොරතුරු ලබා ගැනීමට,තොරතුරු ප්‍රකාශ කිරීමට ඇති මානව හිමිකම යන අදහස ව්‍යාප්ත කිරීමේ අරමුණ ඇතිව මෙම දිනය ප්‍රකාශයට පත්කර තිබේ. ලෝක නිදහස් මාධ්‍ය දිනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරෙස් මහතා පෙන්වා දෙන්නේ මාධ්‍ය නිදහස නොමැති ප්‍රජාතන්ත්‍රවාදයක් සහ නිදහසක් නොමැති බවයි.