බවුසර් හිමියන් තෙල් බෙදීම අරඹයි..

බවුසර් හිමියන් තෙල් බෙදීම අරඹයි.. තදබදය අවසන් වීමට තවත් දින 2 ක් ගත වේවි - ශාන්ත සිල්වා

by Staff Writer . 03-05-2022 | 10:40 AM

COLOMBO (News 1st) –  ඉන්ධන බෙදා හැරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි, ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සම ලේකම් ශාන්ත සිල්වා මහතා සඳහන් කළේ, ඉන්ධන පිරවුම්හල් අසල පවතින තදබදය අවසන් වීමට තවත් දින දෙකක් ගත වනු ඇති බවයි. ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට එරෙහිව ධාවන කටයුතුවලින් ඉවත් වීමට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පසුගිය 30 වැනිදා තීරණය කළේ ය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ පාලනාධිකාරිය සමග සාකච්ඡාවක් පැවති අතර එහිදි ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය තීරණය කළේ, වර්ජනය අත්හිටුවීමටයි. ඒ කුලී ගාස්තු 30 %කින් වැඩි කිරීමට පාලනාධිකාරිය එකඟ වූ බව පවසමිනි. වර්ජනය පැවති කාල සීමාව තුළ ඉන්ධන පිරවුම්හල් අසල දැඩි තදබදයක් දක්නට ලැබිණ. ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා දමා තිබුණේ ඉන්ධන නොමැති බව පවසමිනි.