by Staff Writer . 03-05-2022 | 2:43 PM
COLOMBO (News 1st) – ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න මහතා අද (03) අභවප්‍රාප්ත විය.
කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇත්තේ, කිරුළපන පිහිටි ඒ මහතාගේ නිවසේදීයි.
කලක් රෝගාතුරව සිටි විල්සන් කරුණාරත්න මහතා අභවප්‍රාප්ත වන විට වයස අවුරුදු 79 කි.
ශ්‍රී ලාංකේය සිනමාවේ දක්ෂ සටන් නළුවෙකු මෙන්ම සටන් අධ්‍යක්ෂකවරයෙකු වූ ඒ මහතා රඟපෑ චිත්‍රපට ගණන 240 කට අධිකයි.
1974 වසරේ දී හදවත් නැත්තෝ චිත්‍රපටයේ රංගනයත් සමගින්, කරූ සිය රංගන දිවිය ආරම්භ කළේ ය.
වන් ෂොට්, පාර්ලිමන්ට් ජෝක්ස්, බජාර් එකේ චන්ඩියා, රජ වැඩකාරයෝ, නොම්මර 17 ඇතුළු චිත්‍රපට රැසක සිය රංගන ප්‍රතිභාව ප්‍රදර්ශනය කළ විල්සන් කරූ, සසර චේතනා චිත්‍රපටයේ රංගන වෙනුවෙන් කුසලතා සම්මානයද හිමිවිය.
සිංහල සිනමාවේ දුෂ්ටයාගේ චරිතය නිරූපණය කළ විල්සන් කරූ, සැබෑ ජීවිතයේ සියලු කලාකරුවන් සමග සහයෝගයෙන් කටයුතු කරන සුහද චරිතයකි.