by Staff writer 03-05-2022 | 10:33 PM
COLOMBO (News 1st) - නොරොච්චෝලේ විදුලි බලාගාරයේ මෙගාවොට් 270ක ජනන යන්ත්‍රයක බිඳ වැටීමක් සිදුවී තිබේ.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය, කංචන විජේසේකර මහතා සඳහන් කළේ, ජනන යන්ත්‍රය යථාතත්වයට පත් කිරීම සඳහා තවත් දින 05ක කාලයක් ගතවනු ඇති බවයි.
තාප හා ජල විදුලි භාවිතයෙන් විදුලි කප්පාදුව කළමණාකරණයට පියවර ගෙන ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ ය.