by Staff Writer . 02-05-2022 | 11:43 AM
COLOMBO (News 1st) : ඉන්දීය මධ්‍යම රජය ශ්‍රී ලංකාවට සපයන සහයට අමතරව තමිල්නාඩු ප්‍රාන්ත රජයට ශ්‍රී ලංකාවට සහය ලබා දිය හැකි බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා පවසයි.
තමිල්නාඩු ප්‍රාන්ත සභාව ශ්‍රී ලංකාවට ආධාර ලෙස සහල් සහ අත්‍යවශ්‍ය ඖෂධ සැපයීමට අවසර ඉල්ලා යෝජනාවක් සම්මත කිරීමෙන් පසු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා මේ බව ප්‍රකාශ කළේ ය.
තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාලින් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව තමිල්නාඩු විපක්ෂයේ ඒ.ඩී. එම්. කේ. සහ භාරතීය ජනතා පක්ෂය ඇතුළු පක්ෂ විසින් ඒකමතිකව සම්මත කරනු ලැබී ය.
තමිල්නාඩුවේ ඉල්ලීම මත කොළඹ ඉන්දීය දූත පිරිසෙන් උපදෙස් ලබා ගත් බව ඉන්දීය විදේශ අමාත්‍ය ජයිශංකර් මහතා මහ ඇමති ස්ටාලින් මහතා වෙත ලිපියක් යවමින් සඳහන් කර ඇතැයි, ඉන්දීය මාධ්‍ය අනාවරණය කළේ ය.
ඉන්දීය විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ, "තමිල්නාඩු රජයේ සහය ඉන්දීය රජය විසින් සපයනු ලබන දෙයට අතිරේකව සැපයිය හැකි බවයි.
ශ්‍රී ලංකා රජයේ කැමැත්ත මත එම අධාර බෙදාහැරීය හැකි බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසයි.
ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර සැපයීම සඳහා තමිල්නාඩු රජය විසින් කරන ලද යෝජනාව මත, සහන ද්‍රව්‍ය සැපයීම සඳහා ඉන්දීය රජය සමග සම්බන්ධීකරණය කිරීමට තමිල්නාඩු ප්‍රධාන ලේකම්වරයාට උපදෙස් දිය හැකි බව ඉන්දීය විදේශ අමාත්‍යංශය සඳහන් කළේ ය.