ජාතික සහයෝගීතා ආණ්ඩුවට සංකල්පමය එකඟතාවක්

by Staff Writer . 02-05-2022 | 4:12 PM

COLOMBO (News 1st) : ආණ්ඩුවෙන් ස්වාධීනවූ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් සමග යෝජිත ජාතික සහයෝගීතා ආණ්ඩුව පිළිබඳව අද (02)සාකච්ඡා කර තිබේ.

සාකච්ඡාව පැවැත්වුණේ, ජනාධිපති මන්දිරයේදීයි. එහිදී ජාතික සහයෝගීතා ආණ්ඩුවට සංකල්පයක් ලෙස එකඟතාව පළ වූ බව පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේ ය.