ගාලු මුවදොර අරගල භූමියේ උණුසුම් තත්ත්වයක්

by Staff Writer . 02-05-2022 | 4:43 PM

COLOMBO (News 1st) : ගාලු මුවදොර පිටියේ ජනාධිපති කාර්යාලට ඉදිරිපිට අරගල භුමියේ ඉදිකරමින් පැවති අට්ටාලයක් ඉවත් කිරීමට පොලිස් ට්‍රක් රථයක් පැමිණිමේදී අද (02) දහවල් උණුසුම් තත්ත්වයක් ඇති විය.

කෙසේ වෙතත් එහි සිටින අප වාර්තාකරු පැවසුවේ, ජනතා විරෝධය හමුවේ ට්‍රක් රථය යළි හරවා ගෙන ගිය බවයි.