ඩිෆෙන්ඩර් අනතුර: තිදෙනෙකු කොටු..

කුලියාපිටියේ ඩිෆෙන්ඩර් අනතුර සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 02-05-2022 | 9:32 AM

COLOMBO (News 1st) :  කුලියාපිටිය, කනදුල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ඩිෆෙන්ඩර් රථයක් ගැටී පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඩිපෙන්ඩර් රථයේ රියැදුරු, එහි ගමන් කළ 14 හැවිරිදි අයෙකු ඇතුළු තුන් දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය. අනතුරින් මිය ගියේ 39 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධියෙන් පසු ප්‍රදේශවාසීන් ඩිෆෙන්ඩර් රථයට ගිනිතබා ඇති අතර,එහිදී රථය සම්පුර්ණයෙන් විනාශ වී ඇතැයි, පොලිසිය පැවසුවේ ය.