ආණ්ඩුව නියෝජනය කරන පක්ෂවලට දැනුම්දීමක්..

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට යෝජනා කඩිනමින් ලබා දෙන්නැයි, ආණ්ඩුව නියෝජනය කරන පක්ෂවලට දැනුම්දීමක්..

by Staff writer 01-05-2022 | 10:09 AM

COLOMBO (News 1st) – සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අදාල යෝජනා කඩිනමින් ලබා දෙන්නැයි, ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ වෙත දැනුම් දී තිබේ.

රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේ, ජනාධිපතිවරයා සමග පැවති හමුවේදී ඇතිකරගත් එකඟතා මත අදාළ යෝජනා ලබා දෙන්නැයි දැනුම් දී ඇති බවයි. එම යෝජනා ලද විගස සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා සෙසු පක්ෂ වෙත ආරාධනා කරන බව ද, එම ප්‍රකාශකයා පැවසුවේ ය.