ලෝක කම්කරු දිනය අදයි.. ආණ්ඩුවේ පෙළපාලි නැහැ..

ලෝක කම්කරු දිනය අදයි.. ආණ්ඩුවේ පෙළපාලි නැහැ..

by Staff writer 01-05-2022 | 6:02 AM

COLOMBO (News 1st) – මැයි දිනය සමරමින් අද(01) දිනයේ කොළඹ ඇතුළු නගර කිහිපයක රැළි හා පෙළපාලි පැවැත්වෙයි.

පොලීසිය පැවසුවේ, ප්‍රධාන දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති ඇතුළු කණ්ඩායම් මෙම පෙළපාලි හා රැළි සංවිධාන කර ඇති බවයි. කෙසේ වෙතත් මෙවර ආණ්ඩු පක්ෂයෙන් මැයි දින රැළියක් හෝ මැයි දින පෙළපාලියක් සංවිධානය කර නොමැත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රගතිශීලි වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ මැයි රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.