by Staff writer 01-05-2022 | 11:48 AM
COLOMBO (News 1st) – රංගල පොලිස් වසමේ සිදු කළ ඝාතනයකට අදාළව සැකකරුවන් තිදෙනෙකු මීගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඔවුන් සන්තකයේ තිබී ගිනි අවි හා පතොරාම් කිහිපයක් සොයාගත් බවය.
ඒ අතර, විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක්, මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක්, මිලිමීටර් 09 වර්ගයේ පතරොම් 12 ක්, මිලිමිටර් 5.26 වර්ගයේ පතරොම් 11 ක් ද වේ.
සැකකරුවන් 22 සහ 24 වයස්වල පසුවන ඕවිටිගම සහ යටපාත ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
ඔවුන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.