පොදු ප්‍රවාහන සේවා අදත් සාමාන්‍ය පරිදි..

පොදු ප්‍රවාහන සේවා අදත් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි..

by Staff writer 01-05-2022 | 7:38 AM

COLOMBO (News 1st) –  මැයි දිනය වුවත් සාමාන්‍ය පොදු ප්‍රවාහන සේවා අදත්(01) ක්‍රියාත්මකයි.

අප කළ විමසීමකදී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරි ඒ . එස් . බී. වීරසූරිය මහතා පැවසුවේ, සාමාන්‍ය පරිදි ග්‍රාමීය සහ දුර ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇති බවයි. සුපුරුදු කාලසටහන් පරිදි අදත් බස් සේවා ක්‍රියාත්මක බව, නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ ය. අප කළ විමසීමකදී දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ, ඉරිදා දින කාලසටහන් යටතේ දුම්රිය ධාවනයට පියවර ගන්නා බවයි.