by Staff writer 01-05-2022 | 7:09 AM
COLOMBO (News 1st) – අද (01) දිනයේ කොළඹ නගරය ආශ්‍රිතව පෙළපාලි හා රැස්වීම් පැවතිය ද කිසිදු මාර්ගයක් ස්ථිර වශයෙන් වැසීමට කටයුතු නොකරන බව පොලීසිය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, යම් ස්ථානයක රථ වාහන අවහිරතාවක් ඇති වුවහොත් ඊට සරිලන ලෙස ක්‍රියා කිරීමට කටයුතු කරන බවය.
පෙළපාලි හා රැස්වීම් පැවැත්වෙන කාලය තුළ හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද පොලීසිය මහජනතාවගෙන් හා රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.
ඒ අනුව අද(01) දිනයේ පෙලපාලි ගමන් කිරීමට නියමිත මාර්ග වන්නේ,
?නුගේගොඩ සිට ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය දක්වා
?පෑලියගොඩ සිට නුවර පාර, කැලණි පාලම, බේස්ලයින් පාර ඔස්සේ බොරැල්ල කැම්බල් පිටිය දක්වා ගමන්කර වෝඩ් පෙදෙස ඔස්සේ ලිප්ටන් වටරවුම, නන්දා මෝටර්ස් හන්දිය, නිදහස් මාවත හරහා නිදහස් චතුරශ්‍රය දක්වා
?මාළිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාපිටිය අසළ සිට පංචිකාවත්ත පාර එල්පින්ස්ටන් හන්දිය, ටෙක්නිකල් හන්දිය ඕල්කට් මාවත ඔස්සේ කොටුව දුම්රිය ස්ථානය දක්වා
?ද මෙල් ක්‍රීඩාංගණය, කොම්පඤ්ඤ වීදිය, ඉබ්බන්වල හන්දිය හයිඩ්පාක් පිටිය දක්වා
?කොටුව දුම්රිය ස්ථානයේ සිට ලේක්හවුස් ඉබ්බන්වල හන්දිය හරහා විහාරමහාදේවී උද්‍යානය දක්වා
?ඔරුගොඩවත්තේ සිට කොස්ගස් හන්දිය දක්වා
?ටෙක්නිකල් හන්දියේ සිට ඕල්කට් මාවත ඔස්සේ කෙසෙල්වත්ත ඊ.ඒ. ගුණසිංහ ක්‍රීඩාංගණය දක්වා
?කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම, පිත්තල හන්දිය හරහා වූ මාර්ගයත් ලේක්හවුස්, කොම්පඤ්ඤවීදිය මංසන්ධිය, පෙරහැර මාවත ඔස්සේ ස්ටැන්ලි ජෑන්ස් ක්‍රීඩාංගණය දක්වා
?මාළිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගනයේ සිට පංචිකාවත්ත මරදාන පාලම් හන්දිය, ගාමිණි වටරවුම, ලේක් හවුස්, සෙරමික් හන්දිය හරහා ගලුමුවදොර පිටිය දක්වා
?රීගල් සිනමාහල අසල සිට සෙරමික් හන්දිය දක්වා හරහා ගාලුමුවදොර පිටිය දක්වා වූ මාර්ගවල පෙලපාලි ගමන් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය.