ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ගුරු පත්වීම්

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ගුරු පත්වීම්

by Staff writer 30-04-2022 | 7:15 AM

COLOMBO (News 1st) – 2017/19 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ලබන 4 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ගුරු පත්වීම් ලබා දීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, පාසල් සඳහා පත්වීම් ලැබීමට නියමිත ශික්ෂණලාභීන්ගේ නාම ලේඛනය සියලු තොරතුරු සමග අධ්‍යාපනඅමාත්‍යාංශයේ www.moe.gov.lk වෙබ් අඩවියේ පල කර ඇති බවය. ජාතික පාසල් සඳහා අනුයුක්ත කර ඇති පත්වීම්ලාභීන්ගේ පත්විම් ලිපි මේ වනවිට අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති අතර, ඔවුන් ලබන 4 වැනිදා අදාළ පාසලේ විදුහල්පති හමුවී පත්වීම් ලිපිය ලබා පත්වීම් භාර ගැනීම සිදු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය. පළාත් පාසල් සඳහා අනුයුක්ත කර ඇති පත්වීම්ලාභීන් හට අදාළ ලිපි පළාත් අධ්‍යාපන ලේකම් විසින් ලබා දෙනු ඇති.