by Staff writer 30-04-2022 | 6:00 AM
දේශීය පුවත්
1. රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා අනුරුද්ධ බණ්ඩාරගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් – සමාජ මාධ්‍ය යොදාගෙන මහජනතාව තුළ කැළඹීමක් ඇතිවන ආකාරයේ පුවත් පල කළැයි අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බවට තීරණය කරන්නැයි ඉල්ලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
2.සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනපතිගෙන් සියලු දේශපාලන පක්ෂවලට ඇරයුම් – පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
3.රඹුක්කන වෙඩි තැබීම: කෑගල්ල හිටපු SSP කීර්තිරත්න රිමාන්ඩ්.. – රඹුක්කන ජනතා විරෝධතාවයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතා මැයි 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
4.අන්තර් වාර ආණ්ඩුවක් පිහිටුවීමට ජනපති කැමැත්ත පළ කළා – මෛත්‍රී – අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
5.මැයි 2 රජයේ නිවාඩු දිනයක් – රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මැයි 2 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර තිබේ.
විදෙස් පුවත්
1. යුක්‍රේනයට අමෙරිකාවෙන් ඩොලර් බි. 33 ක ආධාර – යුක්‍රේනයට තවත් ඩොලර් බිලියන 33 ක ආධාර සැපයීමට අමෙරිකාව සූදානම් වේ.