දේශපාලනඥයින් ගැන සමීක්ෂණයකින් හෙළි වූ දේ

CPA සමීක්ෂණය: ශ්‍රී ලාංකිකයින්ගෙන් 96%ක් දේශපාලනඥයන් පිළිබඳ විගණනයක් ඉල්ලයි

by Staff Writer . 29-04-2022 | 1:06 PM

COLOMBO (News 1st) –  සියලු දේශපාලනඥයන් විගණනයකට ලක්කළ යුතු බව ශ්‍රී ලාංකිකයින් 96.2%ක් තරයේ විශ්වාස කරන බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (Center for Policy Alternatives) මගින් සිදුකර ඇති සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

එම වත්කම් තහවුරු කළ නොහැකිනම්, ඒවා රාජසන්තක කළ යුතු බව මේ ජනතාව විශ්වාස කරයි. මෙම සමීක්ෂණයට අනුව 87.3%ක් පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත්විය යුතු බවත් 89.7%ක් පවසන්නේ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉවත්විය යුතු බවයි.   තවද නියැදි 1200ක් අනුසාරයෙන් සිදුකළ සමීක්ෂණයෙන් හෙළි වී තිබෙන්නේ 55.9%ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම ඉවත් කළ යුතුය යන ස්ථාවරයේ සිටින බවයි. 74%ක් පවසන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවයි. ඊට අමතරව ශ්‍රී ලාංකිකයින් 88%ක් පවසන්නේ තමන් හෝ තමන්ගේ පවුලේ යම් පුද්ගලයෙකු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පෝලිම්වල රස්තියාදු වී ඇති බවයි. ඊට අමතර තවත් 90%ක් පවසන්නේ වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් තමන්ගේ හෝ පවුලේ සාමාජිකයකුගේ ආදායම් මාර්ගයට සෘජු ලෙස බලපා ඇති බව ද සඳහන් ය.