by Staff Writer . 29-04-2022 | 12:57 PM
COLOMBO (News 1st) – අවිධිමත් වෙළඳපොළ හරහා එන ඩොලර් විධිමත් බැංකු පද්ධිතය හරහා රට තුළට ගලා ඒම උනන්දු කිරීමට නව රෙගුලාසි හඳුන්වාදෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
මහ බැංකු අධිපතිවරයා මේ බව පවසා ඇත්තේ ඊයේ කොළඹ වාණිජ මණ්ඩලයේ
රැස්වීමක් අමතමිනි.
මහබැංකු අධිපතිවරයා පවසන්නේ, ඉදිරි මාස දෙක තුළ , ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී මට්ටමේ එකඟතාවයකට පිවිසීමට හැකියාව ලැබෙනු ඇති බවයි.
මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී ඇත්තේ අද වන විට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතම කාර්යයක් වුවද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් වෙත යොමු වීමක් නොකරන බවයි.
රට තුළ සාර්ව මූල්‍ය ප්‍රතිපත්ති රාමුවක් ස්ථාපිත කිරීම සඳහා වන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැනි කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අද වන විට සාර්ථකත්වයක් ඇතිකර ගෙන ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.