by Staff writer 29-04-2022 | 5:48 PM
COLOMBO (News 1st) – රඹුක්කන ජනතා විරෝධතාවයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතා මැයි 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය නිකුත් කරනු ලැබ තිබේ.
කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබිණි.