ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීන් බග්ලේ හමුවෙයි

ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීන් පිරිසක් ඉන්දිය මහ කොමසාරිස් හමුවෙයි

by Staff Writer . 29-04-2022 | 2:51 PM

COLOMBO (News 1st) –  රටේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්ත්වය පිළිබඳව ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා හමුවී තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ, හ්‍රී ලංකාවට ඉන්දීය සහය අඛණ්ඩව ලබා දෙන බව මහ කොමසාරිස්වරයා මෙහිදී පැවසූ බවයි. අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාව සමග රැදී සිටීම පිලිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිස ඉන්දිය ජනතාවට ස්තුතිය පළ කර තිබේ. මෙම හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වාධින මන්ත්‍රී කණ්ඩායම , හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් යන මහත්වරුන් එක්ව සිටියහ.