ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ නායකයින් සහ ජනපති අතර හමුවේදී මොකද වුණේ?

by Staff Writer . 29-04-2022 | 1:45 PM

COLOMBO (News 1st) – ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අද (29) පැවති රැස්වීමේදී ඉදිරිපත් කළ යෝජනාවලට ජනාධිපතිවරයා සාර්ථක ප්‍රතිචාරයක් දැක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

ඔහු කියා සිටියේ ජාතික එකඟතා ආණ්ඩුවට එක්වන පක්ෂ නායකයින්ගෙන් සමන්විත ජාතික සභාවක් පිහිටුවා, අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය නම් කිරීම එම ජාතික සභාව තුළින් සිදු කිරීමට යෝජනා වූ බවයි. ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂවල නායකයින් සහ ජනාධිපතිවරයා අතර අද පැවති සාකච්ඡාවේදි අවධානය ලක් වු කරුණු පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරමින් ජයන්ත සමරවීර මහතා පැවසුවේ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික එකඟතා ආණ්ඩුවට සම්බන්ධ වන සියලු  පක්ෂ නායකයින්ගෙන් සමන්විත ජාතික සභාවක් නිර්මාණය කිරීමට තීරණය වූ බවත් ජාතික එකඟතා ආණ්ඩුවේ ආග්‍රාමාත්‍යවරයා කවුරුන් ද යන්න එම ජාතික සභාව තීරණය කරන බවයි.