රඹුක්කන වෙඩි තැබීම සිදුකළ හා වෙඩි තැබීමට නියෝග දුන් සියලු දෙනා අත්අඩංගුවට ගන්නැයි, අධිකරණයෙන් නියෝග

by Staff Writer . 27-04-2022 | 3:14 PM

COLOMBO (News 1st):  රඹුක්කන උද්ඝෝෂණයේදී විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට අණ කළ, එම අවස්ථාවේ කෑගල්ල කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත්වරිය අද පොලිස්පතිවරයාට නියෝග කළේ ය.

කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය එම නියෝගය සිදු කළේ, ඊට අදාළ නඩුව අද (27) විභාගයට ගත් අවස්ථාවේදීයී. වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල හේතුවෙන් අදාළ පුද්ගලයා මියගිය බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇති බව ද අද අධිකරණයේදී අනාවරණ විය.