බත්තරමුල්ලේදී හා කැලණියේදී පුද්ගල ඝාතන 2 ක්

බත්තරමුල්ලේදී හා කැලණියේදී පුද්ගල ඝාතන 2 ක්

by Staff writer 27-04-2022 | 11:02 AM

COLOMBO (News 1st): බත්තරමුල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබේ.

පොලිසිය සඳහන් කළේ, අදාළ පුද්ගලයා සුපිරි වෙළඳසලකින් භාණ්ඩ ලබාගෙන පිටව යන අවස්ථාවේදී සිගමන් යදින පුද්ගලයකු සමග ඇතිකරගත් බහින් බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව තියුණු ආයුධකින් පහර දී ඝාතනය කර ඇති බවයි. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාලඹේ පොතුආරාව ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතයි. මේ අතර කැලණිය වරාගොඩ ප්‍රදේශයේදී නිවසකට ඇතුළු වූ පිරිසක් පොලු මුගුරුවලින් පහරදීමෙන් 63 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඔහුගේ පුත්‍රයා තුවාල ලබා තිබේ. පොලිසිය පැවසුවේ, නිවසට ඇතුළු වූ පුද්ගලයින් එහි සිටි පිය පුතු දෙපළට පහර දී රන් භාණ්ඩ සහ ඉඩම් ඔප්පු කොල්ල කා පලාගොස් ඇති බවයි. තුවාල ලැබූ 63 හැවිරිදි පුද්ගලයා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් විය.