පෝලන්තයට සහ බල්ගේරියාවට රුසියාවෙන් ගෑස් නැහැ

පෝලන්තයට සහ බල්ගේරියාවට රුසියාවෙන් ගෑස් නැහැ

by Staff Writer . 27-04-2022 | 9:27 AM

COLOMBO (News 1st) –  පෝලන්තයට සහ බල්ගේරියාවට ගෑස් සැපයීම අද සිට අත්හිටුවන බව, රුසියාව නිවේදනය කළේ ය.

ඒ අනුව රුසියාව ගෑස් සැපයුම අත්හිටවූ පළමු රටවල් අතරට පෝලන්තය සහ බල්ගේරියාව එක්වනු ඇති. පෝලන්තයේ ගෑස් අවශ්‍යතාවෙන් 50% ක් සපයන්නේ රුසියාවේ ගෑස්ප්‍රොම් සමාගමයි. එහෙත්, සිය රටවැසියන්ට කප්පාදුවකින් තොරව ගෑස් සපයන බව, පෝලන්ත ආණ්ඩුව අවධාරණය කළේ, බලශක්ති සැපයුම සුරක්ෂිත බව ද පවසමිනි. බල්ගේරියාව ප්‍රකාශ කළේ, විකල්ප ගෑස් සැපයුමක් සොයා ගන්නා තෙක්, සීමාවකින් තොරව ජනතාවට ගෑස් ලබාදෙන බවයි. රුසියාවෙන් මිලදී ගන්නා ගෑස් සඳහා සිය මුදල් ඒකකය වන රූබල්වලින් ගෙවීම් කළයුතු බව, එරට ජනාධිපති විලැද්මීර් පුටින් පසුගිය දා ප්‍රකාශ කළ අතර අදාළ යෝජනාවට රටවල් රැසක් සිය විරෝධය පළ කළේ ය. පෝලන්තයට සහ බල්ගේරියාවට ගෑස් සැපයීම අත්හිටුවීම, රුසියාව ලෝකයට කළ ප්‍රබල අනතුරු ඇඟවීමක් බව, ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.