by Staff Writer . 27-04-2022 | 9:22 AM
COLOMBO (News 1st) – පෑලියගොඩ , පෙතියාගොඩ ප්‍රදේශයේ වෙළඳසලක හිමිකරු ඉලක්ක කර ඊයේ පස්වරුවේ වෙඩි තැබීමක් සිදුකර තිබේ.
පොලිසිය පැවසුවේ, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පෑලියගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.