
බත්තරමුල්ලේදී හා කැලණියේදී පුද්ගල ඝාතන 2 ක්
බත්තරමුල්ලේදී හා කැලණියේදී පුද්ගල ඝාතන 2 ක්
කර්තෘ Staff writer
COLOMBO (News 1st): බත්තරමුල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබේ.
පොලිසිය සඳහන් කළේ, අදාළ පුද්ගලයා සුපිරි වෙළඳසලකින් භාණ්ඩ ලබාගෙන පිටව යන අවස්ථාවේදී සිගමන් යදින පුද්ගලයකු සමග ඇතිකරගත් බහින් බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව තියුණු ආයුධකින් පහර දී ඝාතනය කර ඇති බවයි.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාලඹේ පොතුආරාව ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතයි.
මේ අතර කැලණිය වරාගොඩ ප්‍රදේශයේදී නිවසකට ඇතුළු වූ පිරිසක් පොලු මුගුරුවලින් පහරදීමෙන් 63 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඔහුගේ පුත්‍රයා තුවාල ලබා තිබේ.
පොලිසිය පැවසුවේ, නිවසට ඇතුළු වූ පුද්ගලයින් එහි සිටි පිය පුතු දෙපළට පහර දී රන් භාණ්ඩ සහ ඉඩම් ඔප්පු කොල්ල කා පලාගොස් ඇති බවයි.
තුවාල ලැබූ 63 හැවිරිදි පුද්ගලයා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් විය.
- තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි… WHO අනතුරු අඟවයි
- රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී
- තුර්කියේ භූ කම්පනවලින් මිය ගිය ගණන 3500 ඉක්මවයි – ශ්‍රී ලාංකික කාන්තාවක් තවමත් අතුරුදන්
- මේ වසරේ ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්
- ATM යන්ත්‍ර ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරේ
- හෙට ගැන තීරණයක් ගන්න, GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- Stein Studios, දකුණු ආසියාවේ අති නවීනතම මැදිරි සංකීර්ණයේ අභිමානවත් 14වැනි සංවත්සරය..
- විපක්ෂ නායකවරයා තුර්කියේ සහ සිරියාවේ විපතට පත්වූවන්ට ශෝකය පල කරයි
- තුර්කියේ මුදා ගැනීම්වලට සහය දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි.. – ජනපතිගෙන් විදේශ ඇමතිට උපදෙස්