S&P ලංකාවේ විදේශ මුදල් ණය ශ්‍රේණිගතකිරීම පහත හෙළයි

S&P Global Ratings ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළයි

by Staff Writer . 26-04-2022 | 12:33 PM

COLOMBO (NEWS1ST):  ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ශ‍්‍රී ලංකාව - තෝරාගත් ණය පැහැර හැරීමේ අවදානමක් ඇති රටක් - බවට නම් කර තිබේ.

රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, 2023 - 2028 කාලයේ දී කල්පිරීමට නියමිත සෛවරීත්ව බැඳුම්කර සඳහා ගෙවිය යුතු පොළිය ගෙවීමට ලබා දී ඇති දින 30ක කාලයෙන් පසුත් ගෙවීම මගහැරීම හමුවේ ශ්‍රේණිගත කිරීම ඩී මට්ටම දක්වා තවදුරටත් පහළ දැමිය හැකි බවයි. 'ඩී' මට්ටම ලෙස හඳුන්වන්නේ ණය පැහැර හැරීමේ අවදානමක් ඇති රටක් යන්නයි. අදාළ කාලය තුළ ශ්‍රී ලංකාව එම මුදල ගෙවාදමන බවට අපේක්ෂා කළ නොහැකි බව ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් සමාගම පෙන්වා දී තිබේ. පසුගිය සති කිහිපය තුළ ෆිච් .මූඩිස් හා ස්ටෑන්ඩ් ඇන්ඩ් පුවර්ස් යන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දිගින් දිගටම ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ දමා තිබිණ.