යුපුන් අබේකෝන් ආසියානු වාර්තාවක් අලුත් කරයි

යුපුන් අබේකෝන් ආසියානු වාර්තාවක් අලුත් කරයි

by Staff Writer . 26-04-2022 | 9:54 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් මීටර 150 පිරිමි ධාවන ඉසව්ව සඳහා ආසියානු ක්‍රීඩකයෙකු සටහන් කළ වේගවත්ම කාලය සඳහා වන වාර්තාව පිහිටුවිය.

ඉතාලියේ පැවැති තරගයකදී යුපුන් අබේකෝන් මෙම දක්ෂතාව ප්‍රදර්ශනය කළේය. ඔහු එහිදී මීටර 150 ඉසව්ව අවසන් කළේ, තත්පර 15යි දශම 1යි 6ක කාලයකින්ය. මීට පෙර එම ඉසව්වේ ආසියානු වාර්තාවට හිමිකම් කීවේ ජපානයේ යොශිහයිඩේ කිර්යු. ඔහු 2017 වසරේ ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හිදී තත්පර 15යි දශම 3යි 5ක දක්ෂතාවක් දක්වමින් පිහිටුවා තිබූ වාර්තාව, යුපුන් මෙලෙස තමන් සතුකර ගත්තේය. මීටර 100 ජාතික වාර්තාවට හිමිකම් කියන ඔහු 2019 කත්මණ්ඩු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර සියය සහය ධාවන ඉසව්වේ රන් පදක්කම දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේද සාමාජිකයෙකි. 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල ද නියෝජනය කළ යුපුන්, ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියකට එක් වූ එකම ශ්‍රී ලාංකිකයා ද වේ.